ඇඟලුම් කම්හලේ පඩි සල්ලි ලක්ෂ 77ක් රාගමදී පාර හරස් කර කොල්ල කාලා

රාගම කඩවත මාර්ගයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් මාස අවසානයේ වේතන පිණිස ගෙන යමින් තිබුණ රුපියල් ලක්ෂ 77 ක පමණ මුදලක් ඊයේ (26දා) වෑන්
රථයකින් රැගෙන යමින් තිබියදී මොටර් රථයකින් පැමිණි දෙදෙනෙකු කොල්ලකා පලාගොස් තිබේ.එහිදී ඔවුන් වෑන්රිය ලුහුබැඳ, වෑන් රථයේ මග අහුරා, ගිනිඅවි පෙන්වා, මෙම මුදල් කොල්ල කෑම සිදුකර තිබේ.
ලංකාවේ ප්‍රසිද්ධ නිමි ඇඳුම් අළෙවි ආයතනයකට අයත් මෙම මුදල් වත්තල ප්‍රදේශයේ පිහිටි එම ආයතනයේ සිට කඩවත පිහිටි ශාඛා ආයතනයට වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී මෙසේ කොල්ල කා ඇත.
කොල්ල කෑමෙන් පසු කොල්ලකරුවන් වෑන් රථයේ රෝද දෙකට වෙඩි තබා මුදල් බෑගය රැගෙන මෝටර් රථයට නැග කඩවත දෙසට පලාගොස් තිබේ. මෝටර් රථයේ කොල්ලකරුවන් සිව් දෙනෙකු පමණ සිට ඇතැයි පොලීසිය සැක කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment