මහින්දගේ රැස්වීම් තියන අභයාරාමයට - ජනපති මෛත්‍රීගෙන් සෝලා පවර්

නාරාහේන්පිට අභයාරාමයේ ඉදික සූර්ය බල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28දා) එක්විය.
නිවාස දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් බලගැන්වීමේ, සූර්ය බල සංග්‍රාම ප්‍රජා විදුලි ජනන වැඩසටහන යටතේ මෙම විදුලි පද්ධතිය ඉදිකර තිබේ.

ජපානයේ තකීමා ටෙක් ආයතනය හා ශ්‍රී ලංකාවේ සෙරෙන්ඩිප් ග්‍රීන් පුද්ගලික සමාගම එක්ව ඉදිකළ විදුලි බල පද්ධතියේ පිරිවැය රුපියල් ලක්ෂ 50 කි.

නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ  ඇතුළු මැති ඇමතිවරුන්ද, ජානයේ තානාපති ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෝහෝ දේශපාලනික රැස්වීම් පසුගිය කාලයේදී අභයාරාමය කේන්ද්‍ර කරගෙන පවත්වා තිබුණි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment