ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා ජයගනී

ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා ජයගනී

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් අද එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
ඉන්දියාව ලබාගත් 321 පසුකර ශ්‍රී ලංකාව 322 ක් ලබාගත්තේ ඕවර 48 පන්දු 4කදීය.
තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට ශ්‍රී ලංකා පිල තීරණය කළ අතර
පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඕවර 50 අවසානයේ ලකුණු 321ක් ලබා ගත්තා. ශතකයක් ගත් ධවාන් ලබාගත් ලකුණු 125 ට 4 පහර 15 ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. ෂර්මා ලබාගත් 78 හා දෝනි ලබාගත් 63 ඉන්දීය ඉනිම නැංවීමට ඉවහල් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලිංග කඩුළු 2 ක්ද ලක්මාල්, තිසර අසේල හා නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින්ද ලබා ගත්හ. නුවන් ප්‍රදීප්ට  කෝලිව 0 ට දවා ගන්නට හැකිවීම විශේෂ සිදුවීමක් විය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිට ශක්තිමක්ව ගොඩ නැගුණ අතර කුසල් මෙන්ඩිස්ගේ 89 ධනුෂ්කගේ 76 හා කුසල් පෙරේරාගේ 47 හේතු විය (කුසල් මගදී තුවාලවී ඉවත් විය)
අවසාන ඕවර කිහිපයේ වේගයෙන් ලකුනු රැස්කළ මැතිව්ස් (52) හා අසේල (34) ලංකාවට ජයග්‍රහණය ගෙනාවෝය.
තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment