සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්


ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.


පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 155 කට දැවී ගිය අතර ඕවර 30.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමිකරගත් වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලෝකයේ තුන්වැනි ක්‍රීඩකයා බවට පත්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment