මොරටුව සරසවිය කම්පාවට පත් කරමින් ඩෙංගු නිසා සමුගත් චේතනී


මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටි චේතනි අබේකෝන්(27) ඩෙංගු රෝගයට ගොදුරුවී පසුගියදා මරණයට පත්වීම මුළු සරසවියේම කම්පාවට හේතු විය.

මාතලේ දිස්ත‍්‍රික්කයේ දෙවැනි තැන
ලබාගනිමින් උසස් පෙළ සමත්ව සරසවියට ආ ඇයගේ පියාද මින් වසර 8 කට පෙර හදිසි රිය අනතුරකින් මියගොස් තිබුනි.
නිර්මලා චේතනි අබේකෝන්(27) නාඋල ශ‍්‍රි නාග ජාතික පාසලෙන් මූලික අධයාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අකුරුකර තිබූ අතර  2013 වසරේ උසස්පෙල විෂය ධාරාවෙන් මාතලේ දිස්ත‍්‍රික්කයේ දෙවැනි තැන හිමිකරගත්තාය.
 ග‍්‍රාම නිළධාරී තරග විභාගයෙන් සමත්ව සිය ප‍්‍රදේශයේම ග‍්‍රාම නිලධාරීවරියක් ලෙසද පත්වීම් ලබා සිටි ඇය පසුව සරසවි සාමාර්ථය මත කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතු අරඹා තිබුණි.
ඇයගේ අකල් වියෝවෙන් පසු මොරටුව සරසවියද ඩෙංගු රෝග පැතිරෙන බිය නිසා වසා දමා තිබිණි.

(විස්තර හා ඡායා -ඉන්දික අරුණ කුමාර - නාඋල )








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment