"වීසා ගහලා ඔක්කොම කලාට පස්සේ අපි සල්ලි ගන්නේ කිව්වා"
"දඩ බඩ ගාලා මං ලක්ෂයක් දැම්මා"
ඉහළ වැටුපකට කැනඩාවේ අවන්හල්වල රැකියා සඳහා යොමු කරන බව
පවසමින් මුදල් වංචා කරන සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම ජාවාරමට හසු වු පුද්ගලයින් ජාවාරම සිදුවන අයුරු මෙලෙස හෙළි කළා.
මෙරටට ලැබී ඇති රැකියා කෝටාවට තරුණයන් යැවීමට තෝරා ගන්නා නිලධාරියා ලෙස පෙනි සිටින පුද්ගලයා
තමන් ගැන විශ්වාසය තහවුරු කිරීම සදහා හැදුනුම්පතක් ද පෙන්වා සිටියා.
අනතුරුව රැකියා සඳහා වීසා ලැබී ඇති බව පවසා විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් තරුණයන්ට ලබාදී මුදල් ඉල්ලා සිටිනවා.
මුදල් ලබාගත් පසු මෙම ජාවාරම්කරුවන් සිදු කරන්නේ අදාළ මුදල් රැගෙන පළා යෑමයි
මෙම ජාවාරම පිළිබඳ සියලු තොරතුරු රැස් කරගත් හිරු සි.අයි.ඒ. කණ්ඩායම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
විශේෂ විමර්ශන ඒකකය සමග එක්ව ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පියවර ගත්තා.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment