ඩෙංගු නිසා මොරටුව සරසවිය තාවකාලිකව වැසේ


ඩෙංගු උණ පැතිරී යෑම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවූ බව එහි උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා  සඳහන් කළේය.

පසුගිය සෙනසුරාදා (1දා) සිට එළැඹෙන ජූලි මස 17 දක්වා මෙලෙස අධ්‍යයන කටයුතු කල්දැමූ බවත් විශ්වවිද්‍යාලයේ සිසුන් බහුතරයක් අතර පැතිර යන උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා පාලන අධිකාරිය විසින් මේ පියවර ගත් බවත් ඒ මහතා පැවැසීය.
ඩෙංගු වැලඳීම හේතුවෙන්
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටි එක් ශිෂ්‍යාවක් පසුගියදා මියගිය බවද ඩෙංගු වැලඳීම හේතුවෙන් තවත් සිසුන් තිදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ඔහු පැවැසූ අතර පසුගිය ජුනි මාසයේ පමණක් සිසුන් ‍ෙදාළොස් දෙනකුට ඩෙංගු උණ වැලඳී ඇති බවට වාර්තා වූ බවත් ජයවර්ධන මහතා සඳහන් කෙළේය.

විශ්වවිද්‍යාලය ඇතුළත භූමියේ දිනපතා පිරිසුදු කිරීමේ කටයුතු සිදුකරන බවද විශ්වවිද්‍යාලය අවට පරිසරයේ මදුරුවන් බෝ වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කෙළේය.

කෙසේ වුවද විශ්වවිද්‍යාලයේ අනෙකුත් රාජකාරි කටයුතු සහ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

(උදයන්ති මුණසිංහ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment