රත්මලානෙන් ගුවන් යානයක් පැහැරගෙන IS පහර දෙන ඔත්තුව මාධ්‍ය වාර්තා පමණයි - ගුවන් හමුදාව


 රත්මලානෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල
කරන්නට සූදානම් බව කියන අයිඑස් පහරදීම ගැන වාර්තාව මාධ්‍ය තුළ පළවනතුරු තමන් දැන නොසිටි බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා දන්වා සිටී. කෙසේ නමුත් එහි සත්‍යතාව
සොයා බැලිය යුතු බව කියන ඔහු මෙරට සියලු ගුවන් තොටුපල සුරක්ෂිත බව පවසනවා.
මෙවැනි පහරදීමක් ගැන සැලවී ඇමරිකානු නිලධාරීන් ලංකාවට ආ කතාව නිල වශයෙන් දන්වා නැති බවද ඔහු පවසා ඇත.
ගුවන් පථයක් ඇති ස්ථාන සඳහා දැඩි ආරක්ෂක රැකවල් පෙර සිටම තිබූ බවද ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment