ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගොඩගන්න ජපන් සමාගමක්


දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම ප්‍රතිසංවිධානය කර හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන මහතා නියෝජනය කරන ජපානයේ 
සමාගමක් (ඒව්ඒ) ශ්‍රී ලංකා රජය
වෙත මිල ගණන් සහිත යෝජනා ඉදිරිපත් කර ඇතැයි අනාවරණය වෙයි.

ඒව්ඒ සමාගම ජපානයේ විශාලතම ගුවන් සේවා සමාගම වන අතර සැහැල්ලු ගුවන් යානා සහ නෞකා නිෂ්පාදනායතනයක්ද වෙයි. රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය මත සමාගමේ සියයට 49ක් වූ කොටස් සමඟ එය කළමනාකරණය සඳහා ඉදිරිපත් කර ඇති මෙම යෝජනා පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ගතවූ දෙවසර තුළ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ ප්‍රගතියක් පෙන්වීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අසමත් වී ඇති අතර එම සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට පාකිස්තාන් ගුවන් සේවා සමාගමක්ද යෝජනා ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ පාඩුව වළක්වා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය මත ප්‍රතිසංවිධානය කර පවත්වාගෙන යෑම රජයේ අරමුණ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාතය කබීර් හෂීම් මහතා පසුගියදා මාධ්‍යයට අනාවරණය කළේය.

උපතිස්ස පෙරේරා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment