පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන Ceylon News 24x7 10:34:00 AM News Edit මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීඝ‍්‍රගාමී බස් සේවාවක් ඇති කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ (16) පැවති බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මංතීරු ක‍්‍රමය ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමෙන් මාර්ගයන් හි රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇතිවූ බවත්, පොදු ප‍්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට මෙන්ම වැඩකරන ජනතාවට මෙමගින් පහසුවක් ලැබුණු බවත් එසේම පෞද්ගලික වාහන භාවිත කරන්නන්ටද මාර්ග විනය විධිමත් වීම නිසා තමන්ගේ රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට හැකි වු බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. විධිමත් සීග‍්‍රගාමී බස් සේවයක් රජයට යෝජනා කර ඇති අතර, එය මාර්ගය මැද තීරුව භාවිත කරමින් ධාවනය වන බවත්, එය ඉදිරි කාලයේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙහිදි යෝජනා වී ඇති නව අධිකරණ ක්‍රමය පිළිබඳව මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ හොරුන්ට එක අධිකරණයක් නොව අධිකරණ 10 ක් හෝ පිහිටුවා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මහපාරේ විනය සෑදු පිළිවෙළටම රටේ දේශපාලන විනයද සකස් කළ යුතු බවයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment