රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ Ceylon News 24x7 10:34:00 AM News Edit ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් නිර්මාණය කරන බවත් එය අනිවාර්ය දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රත්නපුරයේදී දිරිය පුරවැසි සමිති සමුළුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා. එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, "මේ වන විට අපේ රට දැවැන්ත ආර්ථිකමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මතයි. ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් සෘජුව බලපානවා නම් එය එතරම් අර්බුදයක් වන්නේ නැහැ. හැබැයි ආර්ථිකයේ සිදුවන කඩාවැටීමක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් බවට පත්වනවා. ඒ නිසා අද අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. සමාජ අර්බුදයකට මුහුණ දී තිබෙනවා ආර්ථික සමාජ අර්බුදය අනිවාර්ය ලෙස පත්වන දේශපාලන අර්බුදයක් බවට පත් වනවා .අද මේ සිදුවෙමින් පවතින්නේ එයයි," "රත්නපුරයේ මෙම සමුළුව පවත්වන්නේ එවැනි තත්ත්වයක් තුළ අපේ රට ආර්ථිකමය වශයෙන් ගැඹුරුතම අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අපේ රට සාමාජීය වශයෙන් දැවැන්තම කඩාවැටීමකට අර්බුදයකට ලක් වී තිබෙනවා. අපේ රටේ දේශපාලනික වශයෙන් කඩාවැටීමකට අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එනිසා අද අපි හැමදෙනාටම පැවරී තිබෙන අභියෝගය පැවරී තිබෙන කාර්යභාරය , කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ, කොහොමද මේ කඩාවැටුණු සමාජ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද මේ කැරකි කැරකි යන දේශපාලන අර්බුදයෙන් මිදෙන්නේ යන්නයි. එයට විසඳුම් සොයා ගැනීමකින් තොරව අපේ රටේ ජනතාවට සුගතියත් අත්වෙන්නේ නෑ Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment