බෙන්තොටට,ජපානයෙන් මහා පරිමාණ හෝටල් සංකීර්ණයක් Ceylon News 24x7 8:22:00 PM News Edit ගාල්ල දිස්ත‍්‍රික්කයේ අහුංගල්ල හා බෙන්තොට අතර ප‍්‍රදේශය මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ජපානයේ බන්සේ (Bansei Group) ආයතනය ඉදිරිපත් වෙයි.ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන සංචාරකයන්ට අවශ්‍ය පරිදි ජපන් සංස්කෘතියට අදාළව ආහාරපාන ලබා ගැනීමේ ඉඩකඩ මෙම හෝටල් ව්‍යාපෘතියෙන් සිදු වන බවත් ජපානයේ සුප්රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන කුමා මහතාගේ නිර්මාණයක් මත මෙම හෝටල් සංකීර්ණය ඉදි කිරීමට යෝජිත වේ. ජපානයේ ඔලිම්පික් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයද සුප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී කුමා මහතාගේ නිර්මාණයකි. මෙම වසර අග දී ඉදිකිරීමට යෝජිත මෙම ජපන් හෝටල් ව්‍යාපෘතිය වසර දෙකක් තුළ නිම කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේ දී ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා හමු වූ ජපානයේ ටෝකියෝ නුවර බැන්සෙයි සමූහ ව්‍යාපාරයේ සභාපති ටෝයෝහිකෝ මුරාකමි(Toyohiko Murakami) මහතා මෙම කරුණු අනාවරණය කළේය. මෙම සුවිශේෂ අවස්ථාවට සහභාගී වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පවසා සිටියේ ජපන් සංචාරක පිරිස් ජපානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙය අවස්තාවක් වන බවයි. ජපානයේ සුප‍්‍රකට සුපවේදී ඉෂිකුමා මහතාගේ පූර්ණ දායකත්වය ද මෙම හෝටල් ව්‍යාපෘතිය සඳහා ලැබෙන බව මෙහිදී හෙළිදරව් විය. මෙම අවස්ථාවට ජපානයේ බැන්සෙයි හෝල්ඩින්ග්ස් එල්. කේ. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අසාකා ඉෂියමා මහතා සහ බැන්සෙයි සිකියුරිටීස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ හිරෝයුකී ඔටා යන මහත්වරුද සහභාගී වූහ. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ගයන්ත කරුණාතිලක මහතා:- ජපානයේ වෙසෙන ප්‍රධාන පෙළේ ජපාන ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට කැමැත්ත පළකර තිබෙනවා.ගාල්ල ප්‍රදේශයේ බෙන්තර හා අහුන්ගල්ල ආශ්‍රිතව දැවැන්ත හෝටල් සංකීර්ණ දෙකක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට මෙම ආයෝජකයින් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මෙම පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේදි මම හමු උනා. ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන අතර මෙහි ඉදිකිරිම් සඳහා දායක වන්නේ ජපානයේ සුප්රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින්.මෙවර ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ වේදිකාව නිර්මාණය කරන්නේ මෙම අසහාය නිර්මාණ ශිල්පියා විසින්.ඇත්තටම මෙය ශ්‍රී ලංකාවට ලැබෙන හොඳ අවස්ථාවක්.ජපාන ගෘහ නිර්මාණ ශිල්පය, ජපානයේ ආහාර රටාව,ආදියට මූලිකත්වය දෙමින් මෙය සැළසුම් කරනවා.ජපාන සංචාරකයින් මෙරටට එනවා. නමුත් ඔවුන්ට ආවේණික ආහාර සහිත නවාතැන් ලංකාවේ අඩුයි.ඒ නිසා මෙය අපගේ රටට හොඳ අවස්ථාවක් වන බවට නිසැකයි.මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් දැනුවත්.ඔවුන් දෙදෙනාද මේ සම්බන්ධයෙන් අතිශය සතුටට පත්උනා. ඇත්තටම මෙය අපගේ රටට ලැබුණු හොඳ අවස්ථාවක් බවයි Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment