මෙම ප්‍රශ්න පත්‍ර දෙක සඳහා විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 02 වැනිදා ය. හජ් උත්සවය (ඊදුල් අල්හා අවුරුදු උත්සවය) හේතුවෙන් මෙම කල්දැමීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එන්.එම්.ජේ. පුෂ්පකුමාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ අනුව මෙම ප්‍රශ්න පත්‍ර දෙකම සැප්තැම්බර් 04 වැනි සඳුදාට පැවැත්වීමට නියමිත ය.
මේ අනුව විෂය අංක 12- සාමාන්‍ය පොදු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය 2017.0904 දින පෙ.ව. 8.30 සිට 11.00 දක්වා ද, විෂය අංක 20- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2 පත්‍රය 2017.09.04 දින ප.ව. 12.30 සිට ප.ව. 3.30 දක්වා ද පැවැත්වීමට කටයුතු සලසා ඇත.
විභාග අපේක්ෂකයන්ට දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍රයම එදිනට ද වලංගු වේ.
0 comments :
Post a Comment