කෙසේ නමුත් 25 වනදා වනවිට මෙම වනාලුන් දෙදෙනා වලස්මුල්ල කන්දේ බැද්ද ප්‍රදේශය තෙක් සංක්‍රමණය වී ඇති අතර මේ හේතුවෙන් වන අලින් දෙදෙනාගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිතද අවධානමට ලක්වී තිබේ .
කෙසේනමුත් මෙම වන ලින් දෙදෙනා අල්ලා ගැනීමට හෝ වෙනයම් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කටයුතු නොකිරීම තුල එම ප්‍රදේශයන් තුල මෙතෙක් නොතිබූ අලි මිනිස් ගැටුමක් ඇතිවිය හැකි බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වාදෙන්නේ .
මීටපෙර 2016.08.16 දින මේ ආකාරයෙන් වන අලින් දෙදෙෙනකු අම්බලන්තොට නගරය ආසන්නයට පැමිණි අතර එම වන අලින් දෙදෙනා එලවා දැමීමටද වනජීවී නිලධාරීන්හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය .
නිජබිම් අහිමි වීම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලින්ගේ වාසස්ථානයන් සීඝ්රයෙන් එලි පෙහෙළි විමනිසා වාසස්ථාන අහිමිවන වන අලින් තම පැරණි මාර්ග භාවිතා කරමින් මේ අයුරින් ගම් වදින බව වනජීවී නිලධාරින් පෙන්වා දෙයි.
කෙසේනමුත් වන අලින් තම මුතුන් මිත්තන් ගමන් ගත් මාර්ගයේ මේ අයුරින් ජානමය සාදක මත ගමන් ගැනීමට හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙයි .ඒ අනුව 2014.02 මස 28 වන දින මෙම පැරණි අලිමංකඩ ඔස්සේ මේ අයුරින් අම්බලන්තොට හරහා උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානයට පැමිණි වන අලියෙකු කලමැටිය හරහා බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයට ගමන් ගත් අතර දින තුනක මෙහෙයුමකින් පසුව වන ජීවී නිලධාරීන් විසින් 2014.03.03 දින ආදී හතක් පමණ උස එම වන අලියා බෙලිඅත්ත කහවත් ප්‍රදේශයේදී අල්ලා ගනු ලැබීය .
මීට වසර 50 කට පෙර වන අලි රංචු වවශයෙන් එම වන අලියා ගමන් ගත් මාර්ගයේ කඹුරුපිටිය දක්වා ගමන් කර ඇති බව ඉතිහාස ගත කරුණුවලින් තහවුරු වේ . තම මුතුන්මිත්තන් ගමන් ගත් මාර්ගයේ මෙම වන අලින් ද ගමන් ගන්නට ඇතැයිබොහෝ දෙනාගේ අදහස ය.
මේ ආකාරයෙන් අද වනවිට විවිද සංවර්ධන කටයුතු හා නිවාස ව්‍යාපෘති සදහා වන අලින්ගේ පැරණි අලි මන්කඩවල් ඇහිරී තිබේ .මේ හේතුවෙන් වන අලින් මේ අයුරින් වෙනත් මාර්ග භාවිතා කරමින් අහාර සොයා සංක්‍රමණය වනබවයි පරසරවේදීන් පෙන්වාදෙන්නේ .
හම්බන්තොට හැඩිල්ල ප්‍රදේශයේ තිබු වන අලින්ගේ ප්‍රධාන අලිමන්කඩක් හෙළිකර නිලධාරීන් හා දේශපාලනඥ්යින් විසින් මේ වන විට නිවාස ව්‍යාපෘතියක් ඉදිකරමින් යන්නේ කිසිදු පරිසර ඇගයීමකට ලක්නොකොටයි .මේ තුලින් එම ප්‍රදේශයන් තුල ජනතාව පදිංචි කරවිමෙන්ද සිදුවන්නේ අලිමිනිස් ගැටුමක් නිර්මාණය කිරීම නොවේද ?,එසේනම් අලි - මිනිස් ගැටුමට වගකිවයුත්තේ මෙයේ තීන්දු ගන්නා දේශපාලඥයින් මෙන්ම වන්දිභට්ටයින්සේ ඒවා ක්‍රියාත්මක කරන නිලධාරින් නොවේද ?
0 comments :
Post a Comment