ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග ක්‍රියාවලිය විහිළුවකට අරගෙන Ceylon News 24x7 12:22:00 AM News Edit ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ක්‍රියාවලිය විහිළුවකට ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් එය විශ්වාසයක් බවට ඔප්පු කරන බවයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයා වත්මන් රජය ඇතිකිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ බවත් එය දරාගැනීමට නොහැකි විපක්ෂය මෙවැනි ක්‍රියාවක් අනුගමනය කිරීමට කටයුතු කරමින් පවතින බවත් පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඖෂධ මිල අඩුකිරීම, ස්ටෙන්ස් මිල අඩුකිරීම වැනි රාජිත අමාත්‍යවරයා ජනතාවට දුන් සහන පිළිබඳ ව කතානොකරන බවත් කීය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment