ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රි පිටාර ගැලීමට ආසන්නයි!

ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රි පිටාර ගැලීමට ආසන්නයි!

 

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රී සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මේ තත්වය උදා වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

එම ජලාශයේ ජල මටිටම පිටාර මට්ටමට අඩි අටක් දක්වා ආසන්න වී ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහළ යෑමත් සමග විමලසුරේන්ද්‍ර, කැණියොන්, ලක්‍ෂපාන නව ලක්‍ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් යුක්තව සිදුකරන බව විදුලි බලමණ්ඩල ඉංජිනේරුවන් පවසා සිටිති.

හැටන් රංජිත් රාජපක්‍ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment