ගම්වදින වන අලි නිසා දුක්විදින සූරියවැව එලල්ලේ ජනතාව

ගම්වදින වන අලි නිසා දුක්විදින සූරියවැව එලල්ලේ ජනතාව

වසර කීපයක සිට මහා පරිමාණ වගා කටයුතු සදහා මේ ආකාරයෙන් වන අලින්ගේ නිජ භූමි විනාශ කළද එම ඉඩම් වල අයිතිය තිබෙන මහවැලි සංවර්ධන අදිකාරියේ කිසිදු සොයා බැලීමක් සිදු නොකරන බවයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ .

මේ ආකාරයෙන් මහවැලි කලාපයට අයත් අක්කර 1000ක පමණ විශාල කැළෑ ප්‍රදේශයක් දිවා රෑ බැකෝ යන්ත්‍ර පවා භාවිතා කරමින් කරන විනාශය වගකිවයුත්තන්ගේ ආශිවර්වාදය මත සිදුවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

කැළෑ විනාශ කිරීම නිසා වන අලින්ගේ වාසස්ථාන අහිමි වීම තුල එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 15 ක් පමණ වෙඩි තබා හෝ විදුලි සැර යොදා ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 8 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටින බව හම්බන්තොට වනජීවී කාර්යාලය පෙන්වාදෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මහවැලි අධිකාරියට අයත් භූමි ප්‍රදේශය හෙට්ටයාර් තිස්දෙදහසකට ( 32000) අධික වේ. එම ප්‍රදේශයන්ගෙන් මීට වසර 15 ක පමණ සිට මේ දක්වා විටින් විට විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා යොදා ගත් බැවින් මේ වන විට ඉතිරිව ඇති භූමි භාගය හෙට්ටයාර් පහළොස් දාහල් පමණ (15000) වන බව හම්බන්තොට මයුරපුර මහවැලි තොරතුරු වල සදහන් වේ .

සීමා වූ එම භූමි භාගය තුළ අලින් 450 ක් පමණ ජීවත්වන බව හම්බන්තොට වනජීවී කාර් යාලයේ අඩවි ආරක්ෂක ජේ .ඒ පි විජය කුමාර මහතා පවසයි.

හම්බන්තොට වරාය ගුවන්තොටුපොළ සහ ඒ අවට සිදුවූ තවත් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදු වූ කැලෑ හෙළිකිරීමෙන් අවතැන්වූ වන අලින් උදෙසා වන අලි කළමනාකරන රක්ෂිතයක් සදහාද වෙන් කරන ලදී .ඒ අනුව 2009 අංක 22 දරන වනසත්ව වෘක්ෂලතා ආරක්ෂමනා ආඥා පනතේ 2 වන වන්ගන්තියට අනුව රක්ෂිත ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට තිබුනත් එම කටයුත්තද මෙතෙක් සිදු කිරීමට රජයන් අපොහොසත් වී තිබෙන අතර ඒ වෙනුවට සිදුකරනු ලබන්නේ පරිසර විනාශ වේ.

මේ නිසාම වන ලින් ඇතුළු වන සතුන්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිතද අලි මිනිස් ගැටුම හේතුවෙන් අනතුරට පත්වී තිබේ. ඒ අනුව 2010 සිට 2016 මේ දක්වා වන අලින් 49 දෙනෙකු හා මිනිස් ජීවිත 22 ක් පමණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම තුලින් අහිමි වී තිබේ.

මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ "හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය" ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් මහවැලි අධිකාරිය සතු වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය එළිපෙහෙළි කර , කළු ගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී .

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියළු සංවර්ධන කටයුතු මේ පනත් උල්ලංඝනය කරමින් සිදු කෙරේ .

කැලේ විනාශ කරන හින්දා අලි ගමට ඇවිල්ලා මගේ ගේත් කඩා දැම්මා. දවල්ටත් අලි ගමට එනවා ඒ හින්දා දරුවෙකුට ස්කොලේ යන්න විදියක් නැති වෙලා තියෙන බවයි ප්‍රදේශයේ ජීවත් වන ජේ. ඒ. කුමුදුනි පවසා සිටී.

දැනට සූරියවැව එල්ල හා අන්දර වැව යන ප්‍රදේශයන් තුල සිදුකරන මහා පරිමාණ වන විනාශය සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ නේවාසික කළමනා කරු අයි .ජී. අමරසිරි මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඩෝසර් බැකෝ යන්ත්‍ර බාවිතා කරමින් මහාපරිමාණ ලෙස ප්‍රදේශයේ වන ප්‍රදේශය හෙළි කිරීමට කිසිවෙකුහට අවසර දී නොඅමති බවයි . එමෙන්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක්ද කරන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
- රාහුල් සමන්ත හම්බන්තොට

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment