කතරගම යතුරු ලොක් ප්‍රශ්නයට මුල අසීමිත මුදල් කෑදරකම


රුහුණු මහා කතරගම දේවාලයේ පෙරේදා (22දා) වූ සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්
නිමල් කොටවලගෙදර මහතාගේ
නියමයෙන් බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් ආර්.එස්.කේ.එම්. කාංචන මහතා විසින් ඊයේ සවස බස්නායක නිලමේවරයාගේ හා දේවාල කපු මහත්වරුන්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ලබා ගන්නා ලදී.

එම අවස්ථාවේදී රුහුණු මහා කතරගම දේවාල කපු මහතා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ දේවාල කටයුතු භාරව ක්‍රියා කිරීමට පුරප්පාඩු මාස 07ක් තිබෙන බැවින් දැනට සිටින කපුවරුන්ට එක් එක් මාස බෙදා දී ඉතිරි මාස දේවාල සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන ලෙසයි.
අසීමිත මුදල් ප්‍රමාණයක් දේවාල හරහා එක්රැස් වන බැවින් තමන්ට හිමි කොටසට පොරකෑම මෙම ගැටලුවට මුල්වී ඇත. මෙම අර්බුදය තවදුරටත් ඇති නොවීම සඳහා ටිකට් ඇදීම කළ යුතු බව දන්වා සිටියේය. තාවකාලිකව මෙම ප්‍රශ්නය විසදා ඇති අතර සුපුරුදු ආකාරයට දේවාලයේ කටයුතු සිදුවේ.

කතරගම _ ඩී.එන්. කළුආරච්චි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment