මන්ත්‍රී ආචාර ධර්ම - බස් කොන්දොස්තර ළඟ ‘ඉතුරු රුපියල‘ නොවන්නට

මන්ත්‍රී ආචාර ධර්ම - බස් කොන්දොස්තර ළඟ ‘ඉතුරු රුපියල‘ නොවන්නට


මහජන නියෝජිතයෙකු, හැම විට ම මහජනයා සමඟ ගිවිසෙන පරමාධිපත්‍ය - බල කොන්ත්‍රාත්තුවේ ‘බලධාරීත්වය‘ උසුලන්නා වන බැවින්, ඔහු ඉතා ඉහළ ස්වයං-විනයක් පවත්වා ගත යුතු නමුත්, හැමවිට ම සියලුම මහජන නියෝජිතයින් ‘පරමාදර්ශීන්‘ නොවන බැවින්, මහජන නියෝජිතයින් අරබයා ‘ආචාරධර්ම මාලා‘ පනවා ගනු ලැබේ.

ලෝකයේ බොහෝ රටවල, මහජන නියෝජිතයින් මතු නොව, දේශපාලන පක්ෂ වලට ද අදාළ ව, ආචාර ධර්ම මාලා පනවා ඇති බව නිරීක්ෂණය කළ හැකි අතර, ශ්‍රී ලංකාව මෙවැන්නක් පිළිබඳ කල්පනා කර බලන්නට, බොහෝ කාලයක් ගනු ලැබුවේ, එහි මහජන නියෝජිතයින් ‘පරමාදර්ශීන්‘ නිසා නොවේ නම්, මේ තාක් කල් ගත වන තුරුත්, ‘ආචාර සම්පන්න - පරමාදර්ශී මහජන නියෝජිතයෙකු‘ පිළිබඳ පරිකල්පනය කිරීම පවා ඔවුන්ගේ විෂය පථයෙන් බැහැරව තිබුණු නිසා විය යුතු ය.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු 9 වැනිදා, කතානායක කරු ජයසූරිය මඟින්, ‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරබයා වන ආචාර ධර්ම මාලාව‘ක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සකස් කරන ලද්දකි. එමෙන් ම එය, ‘යහපාලන ආණ්ඩුවේ ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේනගේ දින 100 වැඩසටහනේ‘ පොරොන්දුවක් මුදුන් පමුණුවා ගැනීමක් ද වෙයි.
ඉදිරියේ දී මෙම ආචාර ධර්ම මාලාව,‘ එපරිද්දෙන් ම සම්මත කරවා ගැනීම‘ හෝ ‘සංශෝධන සහිතව සම්මත කරගැනීම‘ පාර්ලිමේන්තුවට ම පවරා, ‘සභාගත කරන ලද ආචාර ධර්ම මාලාවේ‘ අන්තර්ගතය පිළිබඳ ‘දළ අවබෝධයක්‘ ලබාදීම සහ ‘ධනාත්මක ලක්ෂණ සහ මූලික ප්‍ර‍තිවිරෝධතා‘ ඉදිරිපත් කිරීම මෙම කෙටි ලිපියේ ‘අරමුණ‘ වෙයි.

ආචාර ධර්ම මාලාවේ අන්තර්ගතය - සැකෙවින්
එහිදී යෝජිත ‘ආචාර ධර්ම මාලාව‘ අන්තර්ගතය අනුව කොටස් කිහිපයකට ඛණ්ඩනය කර අදාළ නිරීක්ෂණ සටහන් කිරීම වැදගත් බව පෙනේ.
1. මන්ත්‍රීවරයින්ගේ කාර්යභාරය, චර්යා මූලධර්ම සහ චර්යා රීති

මෙකී කාණ්ඩය යටතේ වන අවධාරණ සියල්ල මහජන නියෝජිතයින්ගේ අවංක බව, සාධාරනත්වය වැනි ‘සදාචාරාත්මක වටිනාකම්‘ (moral values) ඉලක්ක කරගනී. ‘මන්ත්‍රීවරයා‘ බලය විසින් දූෂ්‍ය නොවිය යුතු බව, වගකීම සහ වගවීම පැහැර නොහැරිය යුතු බව, සිය පාක්ෂිකයින්ගෙන් අනෙකා ‘වෙනස් කොට නොසැලකිය යුතු‘ බව ආදී මූලධාර්මික කාරණාවන් ඊට අදාළ ය. ‘රීති‘ සමුදායක් ද ඊට අදාල ය. එනම්, ඒවා ‘නීති‘ නොවෙතත්, ‘නීති‘ නොමැති තැන ‘රීති‘ බලවත් වන බව සිහිපත් කරන්නා වූ ‘සම්ප්‍ර‍දායන්‘ ට බර තබන ‘ධර්මතා‘ (norms) ය.
2. මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය

මෙය (මෙයාකාරයේ ලේඛනය) ‘ආචාර ධර්ම මාලාව‘ යටතේ හඳුන්වාදෙනු ලබන නව ලේඛනය කි. එය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍ර‍සාද පිළිබඳ කාරක සභාව විසින් නිශ්චය කරනු ලබන යම් ආකෘතියකින් නිමවා පවත්වාගෙන යා යුතු ලේඛනය කි.
මෙය, සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ අයගේ සියලුම ව්‍යාපාර හා මුල්‍යමය සබැඳියාවන් අනාවරණය කරන ලේඛනයක් වන අතර, ඕනෑම මන්ත්‍රීවරයෙකු ට තවත් මන්ත්‍රීවරයෙකුගේ ‘බැඳියාවන්‘ මෙම ලේඛනය හරහා පරීක්ෂා කර බැලීමට හැකියාව ඇත.
නමුත්, එසේ එම ලේඛනය හරහා අනාවරණය කරගනු ලබන තොරතුරක් ප්‍ර‍සිද්ධ කිරීම ‘තොරතුරු දැනගැනීමේ පනතේ ‘විධිවිධාන‘ (පෞද්ගලිකත්වය අනාවරණය වැළැක්වීම ? ) වලට යටත් කර ඇත.

3. මන්ත්‍රීවරුන් විසින් පොදු දේපළ පාවිච්චි කිරීම

මෙය මන්ත්‍රීවරුන් විසින් ‘මහජන මුදල් ‘ සහ පොදු පහසුකම් අවභාවිතය වැළැක්වීම සහ තනතුරේ වරප්‍ර‍සාද අවභාවිතය වැළැක්වීම පිළිබඳ අවධාරණය කි. එය ද එක්තරා ආකාරයකටට ‘සදාචාර හා ධර්මතා‘ පිළිබඳ අවධාරණය කි.
4. පැමිණීම, හැසිරීම හා ආචාරශීලීත්වය

මෙය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍ර‍ධාන සබා ගැබේ සහ කාරක සභා වල මන්ත්‍රීවරුන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ නැවතත්, ‘සදාචාර කාරණා‘ ය.
5. චර්යා ධර්ම සංග්‍ර‍හය පිළිපැදීම - පැමිණිලි විමර්ශනය සහ දණ්ඩනය

මෙය චර්යා ධර්ම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ක්‍රියාත්මක වන ආකාරය, පැමිණිලි යොමු කළ යුතු ආකාරය, පරීක්ෂණ පැවැත්වීම සහ කාරක සභාව විසින් දඬුවම් නියම කරන ආකාරය පුළුල්ව විස්තර කරන ‘කොටස් 3‘ කට අදාළ කළ හැකි ‘විෂය‘ පරාසයකි.

මෙහි දී ඕනෑම පුද්ගලයෙකු ට යම් මන්ත්‍රීවරයෙකුගේ ආචාර ධර්ම විරෝධී හැසිරීමක් පිළිබඳව වෙනත් මන්ත්‍රීවරයෙකු ගේ ප්‍ර‍ති අත්සන් සහිතව, ‘යට කී කාරක සභාව‘ ට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බව ත්, කාරක සභාවට අවශ්‍ය නම්, විද්වත් හා වෘත්තික නිපුණයින් ද සමඟ අදාල පරීක්ෂණ මෙහෙයවිය හැකි බව ත්, දණ්ඩන පිළිවෙත් ලෙස දෝෂාරෝපණය/තරවටුව/සභාවට පැමිණීම තහනම් කිරීම ආදී ‘දණ්ඩන‘ යෝජනා කළ හැකි බව ත්, දක්වා තිබේ.

තව ද අදාළ වරද, ‘අපරාධයක්‘ හැටියට හඳුනාගත හොත්, එය පොලිසිය මඟින් අධිකරණය හමුවට පැමිණවිය හැකි බව ද, දක්වා තිබේ.
මේ අතර, කිසියම් මන්ත්‍රීවරයෙකු ට එරෙහිව කාරක සභාව වෙත යොමු කරන ‘පැමිණිල්ලක්‘ පැමිණිලි-විභාගය අතරතුර ‘නිරර්ථක හෝ පීඩාකාරී‘ වූවක් බවට අනාවරණය වුවහොත්, එය ‘පැමිණිලිකරුට එරෙහිව මන්ත්‍රීවරුන්ගේ වරප්‍ර‍සාද අභියෝගයට ලක් කිරීමක් / අපහාසයක් ලෙස සලකා ‘ප්‍ර‍ති විමර්ශනය‘ කරනු ලැබිය යුතු බව ද, එවැනි ප්‍ර‍ති-පරීක්ෂණයක් වෙනුවෙන් වුව ද විවෘත වන පරිදි අනිවාර්යයෙන් ම - මන්ත්‍රීවරයෙකුට එරෙහි පැමිණිල්ලක් ‘ස්වකීය අනන්‍යතාවයෙන්‘ ම ඉදිරිපත් කරනු ලැබිය යුතු බව ද, දක්වා තිබේ.

6. චර්යා ධර්ම සම්මතය සහ යථාවත් කිරීම

මෙය ‘ඉදිරි දින වල පාර්ලිමේන්තුව තුළ සිදුවන්නට නියමිත‘ ආචාර ධර්ම මාලාව පිළිගැනීම සහ බලාත්මක කිරීම යන, ‘ක්‍රියාවලිය මුදුන්පත් කරගැනීම‘ සම්බන්ධ කාරණය වේ.

ධනාත්මක ලක්ෂණ

1. පළමුවෙන් ම, ‘නිකං ඉන්න කොට අහල ගියත් සැපයි‘ වාගේ, මොනම ආචාර ධර්මයක්වත් නැති මන්ත්‍රීවරුන්ට ‘මොකක් ම හරි ආචාර ධර්ම මාලාවක්‘ ලැබීම යහපත් ය.


2. දෙවනුව, යෝජිත ‘මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය‘ වැනි ලේඛනයක් පිළියෙල කිරීම වැදගත් ය. එහෙත්, දැනට තිබෙන නීති යටතේ වත්කම් බැරකම් ප්‍ර‍කාශ පවා නිසි ලෙස බාර නොදෙන මන්ත්‍රීවරුන් මෙයට සත්‍ය සහ නිවැරදි තොරතුරු ලබා දේ ද යන්න සැක සහිත ය.

 

3. ඕනෑම පුද්ගලයෙකු ට මන්ත්‍රීවරයෙකු සම්බන්ධ පැමිණිල්ලක් මේ හරහා ගොනු කර ගත හැකි වීම යහපත් වන අතර ‘කාරක සභාවක්‘ මඟින් එය විභාගයට ගැනීමට අවස්ථාව තබා තිබීම වැදගත් ය. තවද බරපතල අපරාධ තත්වයක් අධිකරණ ක්‍රියාවලියකට පවා යටත් කිරීමට යෝජනා කිරීමට කාරක සභාවට බලය දී තිබීම වැදගත් ය.

4. පැමිණිලි විභාගයකින් පසුව - දණ්ඩන ක්‍ර‍මවේදයකට යාමට ‘කාරක සභාවට බලය පවරා තිබීම‘ ප්‍ර‍ශස්ත ය. එය ‘යම් ආකාරයකට අධිකරණ බලයක්‘ ලෙස හඳුනාගත හැකි ය. එහෙත් එහි සීමා තිබෙන බව ඇත්ත ය.

මූලික ප්‍ර‍තිවිරෝධතා

1. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය / නීතීඥ / මාධ්‍යවේදී වැනි වෘත්තීය ආචාර ධර්ම මාලා සමඟ සන්සන්දනාත්මකව බලන විට, යෝජිත ‘මන්ත්‍රී ආචාර ධර්ම මාලාව‘ එමඟින් ගොඩනගන වටිනාකම් පද්ධතිය, ‘නිර්වචනාත්මකව සහ නියතව මෙන් ම සවිස්තරාත්මකව‘ අර්ථ නොගැන්වීම එහි දුර්වලතාවක් ලෙස හඳුනාගත හැකි ය.

එමඟින් ‘සැබැවින් ම මන්ත්‍රීවරයෙකු ආචාරධාර්මික නොවන කිසිවකින් සෘජුව වළක්වන්නේ නැත ය‘ යන ප්‍ර‍වාදය ගොඩනැඟිය හැක.
මක්නිසාදයත්, සාමාන්‍යයෙන් ආචාර ධර්ම මාලාවක් මීට වඩා සෘජුව කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ පැහැදිලි ව දැක්විය යුතු ය.
2. අනෙක් අතට, ඕනෑම මන්ත්‍රීවරයෙකුට, යෝජිත ‘මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය‘ පරීක්ෂා කර බලා, කිසියම් මන්ත්‍රීවරයෙකුගේ ආචාර විරෝධී මූල්‍ය වරදක් අනාවරණය කර ගත හැකි වුවත්, එය ප්‍ර‍සිද්ධ කිරීම, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන (පෞද්ගලිකත්වය අනාවරණය වැළැක්වීම ? ) වැනි බාහිර සාධකයක් විසින් ‘වළක්වා‘ ඇත.

එය සමාන වන්නේ, ඕනෑම මන්ත්‍රීවරයෙකුගේ වත්කම් බැරකම් පරීක්ෂාවට (1987 අංක 78 දරණ වත්කම් බැරකම් සංශෝධන පනත) පුරවැසියෙකු නොවන අයෙකුට වුව ද හැකියාව ලබා දී තිබෙ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment