යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට මෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් ඔහු ඖෂධ රැසක මිල පහත හෙළා ජනතාවට සහන ලබා දුන් දේශපාලඥයෙක් බවයි කරුණානායක මහතා ප්‍රකාශ කළේ.
"විශ්වාසභංගයට අදාළව මෝදර ධීවර වරාය සම්බන්ධ කරුණක් සඳහන් වෙනවා. එය සිද්ධවෙලා තියෙන්නේ රාජපක්ෂ පාලන කාලය තුළ. ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන දන්නේ නැහැ වගේනේ කතා කරන්නේ. ඒ වගේම අධ්‍යාපන පෞද්ගලිකරණය ගැන රාජිත ඇමතිවරයාට චෝදනා කරනවා. එය උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ දෙයක්. එය සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාරණයක් නෙවෙයි. කොහොමත් මේ විශ්වාසභංගය තුනෙන් දෙකක වැඩි ජන්දයකින් පරදවනවා. මේවා සම්පුර්ණයෙන්ම මාධ්‍ය සංදර්ශන."
එම නිසා මේ මාධ්‍ය සංදර්ශන දැන්වත් නවතා දැමිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment