EPF/ETF මගින් බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ

WasanthaS

ඉතිහාසයේ කිසිදු දිනෙක විශ‍්‍රාම වැටුප් නොමැති සේවකයින්ට හිමි මෙම අරමුදල් මත බදු පැනවීම් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව නව දේශිය ආදායම් පනතේ ඇති EPF/ETF බදු පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමවීරවීරට ලිපියක් යොමුකරමින් අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙනවා.

2017. 08. 17

ගරු අමාත්‍ය මංගල සමවීරවීර මැතිතුමා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝටස් පාර, කොළඹ 01.

මහත්මයාණෙනි,

නව දේශිය ආදායම් පනතේ ඇති EPF/ETF බදු පිළිබඳවයි

පසුගිය මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව දේශිය ආදායම් පනත හරහා EPF/ETF අරමුදල් බදුකරණයට ලක් කිරීම පිලිබඳව යෝජනා ඉදිරිපත් කර ඇත.

ඉතිහාසයේ කිසිදු දිනෙක විශ‍්‍රාම වැටුප් නොමැති සේවකයින්ට හිමි මෙම අරමුදල් මත බදු පැනවීම් පිළිබඳව සාකච්ඡා කර නොමැත. දැනට මෙම අරමුදල් මත මෙතෙක් පනවා තිබූ 10% බද්ද අයකර ගැනීමක් සිදු නෙවු අතර එය අරමුදල් වලට වියදමක් නොවීය. එවැනි තත්වයක් තුල ඔබතුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත හරහා EPF/ETF අරමුදල් වලට වාර්ෂික ආයෝජන ආදායම මත 14% ක් හා රඳවා ගැනීමේ බද්ද 14% ක් ලෙස අය කරන බවය.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වල විශ‍්‍රාම වැටුප් අහිමි සේවයින්ට හිමි මෙම අරමුදල් බදු ගෙවීමෙන් පසු ඉතිරි කරගන්නා ලද ඉතුරුම්ය. එබැවින් මෙම අරමුදල් මත බදු අය කිරීම කිසිසේත් සාධාරණ නැත. ඒ පිළිබඳව පෞද්ගලික අංශයේ සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් මතුව ඇති අතර මෙම තත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා කඩිනම් දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට, අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්, වසන්ත සමරසිංහ සභාපති

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment