සියරාලියොන් හි මඩ නාය යාමෙන් 400කට වඩා මරුට

සියරාලියොන් හි මඩ නාය යාමෙන් 400කට වඩා මරුට

 

අධික වර්ෂාපතනය හේතුවෙන් කඳුවැටියක් නාය යාම මෙයට හේතුව වී තිබේ. විපත හේතුවෙන් සිවිල් වැසියන් 400 දෙනෙකුට වඩා මිය ගොස් තිබෙන අතර, 600 දෙනෙක් පමණ අතුරුදන් වී ඇත. නිවාස 100 ක් පමණ විනාශයට පත් ව තිබේ. විපතට පත් මුළු සංඛ්‍යාව 9000කට ආසන්න බව වාර්තා වේ.

බටහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන සියරා ලියොන් රාජ්‍යය තුළ මේ වන විට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපිත බායි කොරෝමා මෙම ශෝකජනක තත්වයට මුහුණ දීම සඳහා “හදිසි සහයෝගය” ඉල්ලා සිටියේය.

මේ අනුව සියරා ලියොන් රාජ්‍යය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, රටේ ආර්ක්ෂාව පිළිබඳ තත්වය ද ඉහළම මට්ටම දක්වා ඉහළ දමා තිබේ.

සියරාලියොන් පොලිසිය, හමුදාව සහ රතුකුරුස සංවිධානය විසින් ගළවා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.

එක්සත් රාජධානිය මේ වන විටත් සියරා ලියොන් රාජ්‍යය වෙත සිය සහයෝගය ලබාදී ඇති අතර, අත්‍යාවශ්‍ය මානුෂීය සැපයුම් ද මේ වන විට ඔවුන් වෙත ලබා දී තිබේ. මේ අතර රතු කුරුස සංවිධානයේ නිලධාරී අබු බකර් තරවාලි පවසන්නේ ගළවාගැනීමේ නිලධාරීන් කාලයට එරෙහිව සටනක් කරමින් සිටින බවයි. මඩ සහ සුන්බුන් අතරින් තවමත් මළ සිරුරු ගොඩ ගනිමින් තිබේ.

දැනට තිබෙන සංඛ්‍යාලේඛනවලට අනුව මෙම විපතින් දිවි බේරාගැනීමට සමත් වී තිබෙන්නේ පුද්ගලයන් 73 දෙනෙක් පමණි.

ෆ්‍රී ටවුන් අගනුවර මළ සිරුරුවලින් පිරී ගොස් තිබේ.

සියරාලියොන් රාජ්‍යය නිරන්තරයෙන් ගංවතුර උවදුරට ලක්වන රටකි. එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අපිළිවෙළට සිදුකරන නිවාස ඉදිකිරීම් ය. අධික වර්ෂාපතනය ද ෆ්‍රී ටවුන් හි ඛේදවාචකයට ප්‍රධාන සාධකයකි.

පරිවර්තනය: අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment