ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු තීරණ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා පවසයි.
මේ වනවිට ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු භාවිතයද සම්පූර්ණයෙන් නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණ තිබේ. පොලිතීන් භාවිතය ද ක්‍රමාණුකූලව අවම කිරීමට තීරණය කර ඇති අතර පරිසර හිතකාමී, දිරායන පොලිතීන් වර්ග පමණක් භාවිතයට අවසර ලබාදෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ
රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙම තීරණවලට එළඹෙන බවත් ඒ සඳහා කවරෙකුගෙන් බාධා එල්ල වුවද රජයේ තීරණය වෙනස් නොකරන බවත් හෙතෙම පවසයි. මෙම නීති ක්‍රියාත්මකවීමෙන් පසු ජනතාවගේ ආකල්ප ක්‍රමානුකූලව වෙනස් වනු ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment