මධ්‍යම ටෙක්සාස් ජනපදයෙන් දැඩි ගංවතුර තත්වයක් අපේක්ෂිතය. දැනට ජනතාව ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් විදුලිය බිඳ වැටීමෙන් පීඩා විඳිති.
මේ සමගම ටෝනේඩෝ අවදානමක් ද හටගෙන ඇති අතර ඉදිරි පැය හයක කාලය ඒ සම්බන්ධ අවදානම අධිකම කාලය වශයෙන් හඳුනාගෙන තිබේ. කෙසේ නමුත් සුළි කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට 4 වන කාණ්ඩයේ සිට 3 වන කාණ්ඩය දක්වා අඩු වී ඇතැයි විශේෂඥයෝ පවසති. සුළඟේ වේගය පැයට කිලෝමීටර 130 දක්වා අඩු වී තිබේ.
මේ අතර හාවි නිසා තුන්වැනි වතාවටත් මංගල සිහිනය බොඳ වූ යුවළක් පිළිබඳව ද සීඑන්එන් පුවත්සේවය වාර්තා කරයි. ජෙනී සහ ජස්ටින් යුවළ මීට පෙර අවස්ථා දෙකකදීම එනම් පසුගිය වසරේ සහ මේ වසරේ අප්‍රේල් මාසයේ සිය මංගල උත්සවය ගැනීමට උත්සාහ කළත් එයට හරස් වී තිබුණේ ගංවතුර අවදානමයි. මෙවර තුන්වන වතාවට ද එය අද දිනයේ පැවැත්විමට සැලසුම් කර තිබූ නමුත්, හාවිගේ කඩාවැදීමත් සමග සැබීන් ගඟ පිටාර ගැලීමේ අවදානම හේතුවෙන් එය මෙවරද කල් දැමීමට සිදුවිය. “උත්සව ශාලාවේ අඩියක් උසට දැනටමත් වතුර..” යැයි මනාලයා සී.එන්.එන්. පුවත්සේවය අමතා පවසා තිබේ.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment