අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් සඳහා මසකට රුපියල් 22500ක දීමනාවක් Ceylon News 24x7 1:32:00 PM News Edit අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් සඳහා මසකට රුපියල් 22500ක දීමනාවක් ගෙවීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදි සදහන් කළා. පවතින නිතිමය තත්ත්වය තුළ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් ස්ථිර කළ නොහැකි බවත් ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නා සේ අනාරක්ෂිත ගේට්ටුව එක් පවුලකට බාරදි ඔවුන්ට මසකට රුපියල් 22500 ක දිමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවත් ඇමතිවරයා පැවසීය. ඒ අනුව එම පවුලට තමන්ගේ වැඩ හෝ වෙනත් ව්‍යාපාරයක් කරනා අතර තුරදි පවුලේ සාමාජිකයන්ට බෙදා හදාගෙන ගේට්ටුව මුරකළ හැකි බවද ඔහු සඳහන් කළේය. අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 876ක් සඳහා බෙල් ලයිට් සංඥා පද්ධති ස්ථාපිත කිරීම අදියර පහක් යටතේ සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය.. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment