නීතිපති දෙපාර්තුමේන්තුව කෙළෙසු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර

Wickramabahu-Karunaratne

නීතිපති දෙපාර්තුමේන්තුවේ අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරන පුද්ගලයන්ට නීතිමය ක්‍රීයාමාර්ග ගන්නා බවට තර්ජනය නොකර දෙපාර්තුමේන්තුවේම සිටිමින් එය කෙළෙසු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඉල්ලා සිටිනවා.

පසුගියිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ

“බොරුවට කයිවාරු ගන්න එපා මම කියනව ඇටෝර්නි ජනරල් එකටයි විනිශ්චයකාරවරුන්ටයි අරව මේව කියන්න වැඩක් නැහැ නීතිය කඩපු මිනිස්සු ඉන්නව ඉහලම අග්‍රවිනිශ්චයකාරවරුම ඒ අයට දඬුවම් දීල ඉන්න” යැයි ඉල්ලා සිටින වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ ගෞරවය රැක ගැනීමට නම් ගෞරවය කඩපු තමුන්නාන්සෙලගෙම අයට දඬුවම් දෙන ලෙසයි.

නීතිපති දෙපාර්තුමේන්තුව විචේචනය කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රීයාමාර්ග ගැනීමට පෙර නීතිපති දෙපාර්තුමේන්තුව පහත දමමින් ප්‍රකාශ කල මොහාන් පිරිස්ට එරෙහිව නඩු පැවරිය යුතු බව ආචාර්ය වික්‍රමබාහු පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment