ඔක්තෝබර් 1 වනදා 12ට අඩු 60ට වැඩි අයට සත්තුවත්ත උද්භිද උද්‍යාන නොමිලේ


ලෝක ළමා හා වැඩිහිටි දිනය (ඔක්තෝම්බර් 01දා) වෙනුවෙන් සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට අවුරුදු 12ට අඩු දරුවන්, පාසැල් දරුවන් හා වැඩිහිටියන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
ඒ අනව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලිඅනාථාගාරය නැරඹීමට පැමිණෙන අවුරුදු 12ට අඩු දරුවන්, වයස අවුරුදු 60ට වැඩි  වැඩිහිටියන් සහ පාසැල් නිල ඇඳුමින් පැමිණෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇත.


ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ පැවැත්වීමට නියමිත විශේෂ ළමා වැඩසටහන ඔක්තෝම්බර් 01 වැනිදා දහවල් 1.30ට ආරම්භ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

මීට අමතරව ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ද අවුරුදු 18ට අඩු සියළුම දෙනාට එදිනට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව සලසා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යනය, හක්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට එදිනට අවුරුදු 18ට අඩු අයට නොමිලේ ඇතුළුවීමට අවස්තාව හිමිවේ.

ලෝක ළමා දිනය වෙනුවෙන්  ඔක්තෝම්බර් 01 වැනිදා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ පෙ.ව 9.00 සිට විවිධ ළමා වැඩසටහන් සංවිධානය කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment