එක්වරම ගෑස් මිල 110 කින් ඉහළට

ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් වැඩිවනු ඇත.
ගෑස් මිල

මෙලෙස ඉහළ නැංවීම සඳහා තමන් ඉල්ලීම් කළේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිට බව ලිට්රෝ සමාගම කියා තිබේ.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල කැපී පෙනෙන ලෙස ඉහළයාම හෙතුව ලෙස දන්වා ඇත.
ඉකුත් දෙසැම්බර් මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ ගෑස් මිල මේ වන විට සියයට අනූ අටකින් පමණ ඉහළ ගොස් ඇති බවත්
මීට සමගාමීව සෙසු රටවල් බොහෝමයක ගෑස් මිල දැනටමත් වැඩි කර තිබෙන බවත් ලිට්රෝ සමාගම සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment