උතුරු කොරියානු ෆිගර් ස්කේටින් ශූරයන් 2018 ඔලිම්පික් උළෙලට

උතුරු කොරියානු ෆිගර් ස්කේටින් ශූරයන් 2018 ඔලිම්පික් උළෙලට

රියොම් තේ-ඕක් සහ කිම් ජු-සික් නමැති මෙම උතුරු කොරියානුවන් දෙදෙනා ඊයේ මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ ජර්මනියේ පැවති ලෝක ශූරතා ෆිගර් ස්කේටින් තරගාවලියේදී අවසන් වටය සාර්ථක ලෙස නිම කිරීමත් සමගිනි. 

කැනඩාවේදී ෆිගර් ස්කේටින් පුහුණුව ලැබූ මේ උතුරු කොරියානුවන් දෙදෙනා ඊයේ ෆිගර් ස්කේටින් දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහා තෝරාගෙන තිබුණේ බීට්ල්ස් සංගීතයයි.

2018 ශීත ඔලිම්පික් උළෙල ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ උතුරු කොරියාවේ පරම සතුරෙක් වශයෙන් සැලකෙන දකුණු කොරියාවේ වීම ද විශේෂත්වයකි.


-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment