CEB පොලු නිසා තෙල් සංස්ථාවට ණයට කන්න වෙලා.


ලංකා ඛනිජතෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 5000ක මුදලක් ණය වී ඇතැයි ඛනිජතෙල් අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මෙම හිඟ ණය අය නොවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදයෙන් ගැලවීමට සියයට හයක වාර්ෂික පොලියට බැංකු ණය මුදලක් ලබාගෙන ඛනිජතෙල් සංස්ථාවේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගනිමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසේ.

මේ ගැන විදුලිබල මණ්ඩලයට වාර ගණනාවක් ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒ සඳහා යහපත් ප්‍රතිචාර නොලැබුණ බව සඳහන් වෙයි.

එසේ වුවද පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය සේවක වැටුප් 10%කින් ඉහළ නංවාගත්තේය. 2018 ජනවාරියේ සිට තවත් 25% වැටුප් වර්ධකයක් සාමූහික ගිවිසුම් ක්‍රමය යටතේ විදුලිබල සේවකයන්ට හිමිවීමට නියමිතව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment