ඥානසාර හිමියන්ට නඩු නෑ.


ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමක්‌ සිදු නොකරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය ඊයේ (29 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මහතා හමුවේ ඉල්ලීමක්‌ කරමින් වැඩිදුර වාර්තාවක්‌ මඟින් කරුණු දක්‌වමින් එසේ කියා සිටි නිවාරණ කොට්‌ඨාසය ඒ හිමියන්ට එරෙහිව මෙම අධිකරණයේ පවතින පැමිණිල්ලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක්‌ සිදුනොකරන බැවින් එම පැමිණිල්ල බහා තබන ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ජාතීන් අතර අසමඟියක්‌ ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල කැඳවීම් ගොනුවෙන් ඉවත් කර බහා තබන ලෙසට නියෝග කළේය.

මුස්‌ලිම් ජනතාවට, ඉස්‌ලාම් ආගමට හා අල්ලා දෙවියන්ට අපහස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කළ පැමිණිල්ලක්‌ අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ඥනසාර හිමියන් රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මෙයට අදාළව මුදාහැර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment