2020 දුම්කොළ තහනම් - සියලුම පැණි බීමවලට දඩ

2020 දුම්කොළ තහනම් - සියලුම පැණි බීමවලට දඩ
මේ අතර පැණි බීම  වල අඩංගු සීනි ප්‍රතිශතය 6% කට වඩා වැඩි නම් වැඩිවන ග්‍රෑම් එකකට රුපියල බැගින් දඩ ගසන බවද අමාත්‍යවරයා කියා සිටියේය. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවය වෙනුවෙන් ආණ්ඩුව එම තීරණ ගන්නා බවයි රාජිත සේනාරත්න මහතා පැවසුවේ. දැනටමත් ක්‍රියාත්මක ට්‍රැෆික් ලයිට් ක්‍රමය හේතුවෙන් ලොව ප්‍රධානම බහු ජාතික බීම සමාගමේ වෙළෙඳාම කඩා වැටුණ අතර 10%කින්  එම බීම වල පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමටද ඔවුන්ට සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේය. 
 
එම තීන්දු ක්‍රියාත්මක වීමට පෙර ලොව ප්‍රධානම බහු  ජාතික සමගම පවා කළ ඉල්ලීම් නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසුබට නොවූ හෙයින් ඉදිරියේදීද මහජන සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව තීන්දු තීරණ ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment