Info Sri lanka News කලින් ම කී පුවත : අග්‍රාමාත්‍ය නව මාධ්‍ය ලේකම් මෙන්න.


ප්‍රවීණ මාධ්‍යවේදී පියසේන දිසානායක මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට ඇත.

දශක දෙකකට වැඩි කාලයක්‌ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක්‌ ඇති දිසානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරියෙකි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් තනතුරට පත් කරන තෙක්‌ පියසේන දිසානායක මහතා 'දිවයින' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස සේවයේ යෙදී සිටියේය.

මොනරාගල ඔබ්බෙගොඩ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන දිසානායක මහතා 1990 දී ලංකාදීප පුවත්පතේ මොනරාගල මඩුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබේ. 1997 දී ඒ මහතා 'දිවයින' පුවත්පතේ කර්තෘ මණ්‌ඩලයට එක්‌ව ඇත.

මෙම පුවත පළමුව අනාවරණය කළේ Info Sri Lanka News විසිනි.

එම පුවත පහතින්,

අගමැති මැඳුරේ තනතුරු වෙනසක්. [Exclusive]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment