රොහින්ග්‍යා සරණාගත සිදුවීම ගැන පොලිස් කණ්ඩායම් 3කින් පරීක්ෂණ.

රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ ඇතිවූ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වසර හතරක් ඉන්දියාවේ ජීවත්වීමෙන් අනතුරුව පසුගිය අපේ‍්‍රල් මස 30දා නීති විරෝධීව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ මෙම පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව නීත්‍යනුකූල හා පිළිතගත් ක්‍රමවේද අනුව කටයුතු කර ඇති බව ලේකම්වරයා  සඳහන් කරයි.

මීට පෙර රොහින්ග්‍යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසිදු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු  මුදුන්පමුණුවා ගැනීම බවද එම නිවේදනයේ දැක්වෙයි.

සරණාගතයන් පිළිබඳ මෙම ගැටලුවේදී රජය සැමවිටම පවතින නීති රාමුවෙන් හෝ නිසි ක‍්‍රියාපරිපාටියෙන් බැහැරව කටයුතු නොකරන බවත් කිසිදු සරණාගතයකුට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැති බව එම නිවේදනය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment