සංගා හා අරවින්ද ක්‍රිකට් හදන්න එක්වෙති - මහේලටත් ආරාධනා.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වත්මනේ පත්ව ඇති තත්ත්වයෙන් එය ඉහළට එසවීමට අදාළව දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමට කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ සභාපතිත්වය හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය මහතා විසින් දරන අතර අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයන් වශයෙන් පත් කොට සිටිති.

මෙම කමිටුව සඳහා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට ද ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

ඉදිරි තෙමස ඇතුළත මෙම සැලසුම් ඉදිරිපත් කෙරෙනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ සියලු කටයුතු සඳහා පහසුකම් සපයනු ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment