සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ

සුර්යබල පද්ධති වැඩසටහන ප්‍රවර්ධනය සදහා මහජන අදහස් විමසීම ඇරඹේ

ඉලක්කය වනුයේ ඉදිරි අවුරුදු 10 තුලදී වහල මත සවි කළ සුර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීම ය. මෙම ඉලක්කය ලගාකර ගැනීම සදහා සුර්ය බල සංග්‍රාමය ක්‍රියාවට නගා ඇත. ඒ යටතේ වසර 2020 වන විට මෙගාවොට් 200ක ධාරිතාවයක් ද වසර 2025 වන එය මෙගා වොට් 1000 දක්වා වර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

රජයේ ඉලක්ක අනුව වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම) වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමට අදහස් කරයි. මේ සදහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලිඛිතව අදහස් ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී. අදහස් හා යෝජනා පහත සදහන් ක්ෂේත්‍රයන් පදනම් කරගෙන සකස්කල හැකි අතර 2017 ඔක්තෝබර් මස 24 වැනි දිනට පෙර එවිය යුතු වේ.

වහල මත සවිකරන සුර්ය බල පද්ධති වැඩසටහන සම්බන්ධයෙන් දැනට පවත්නා රාමුව (උදා- නෙට් මීටරින් සදහා අයදුම්කිරීම, ඇස්තමේන්තු ලබාදීම, පිරිවැය හා මනු සවිකිරීමේ ක්‍රියාවන් ඇතුළු) වැඩිදියුණු කිරීම සදහා යෝජනා
සුර්යබල පද්ධති ස්ථාපනය කිරීමට අදාල පිළිගත් ප්‍රමිතීන්
තාක්ෂණික බාධා සහ ජාතික පද්ධතියට එක්කිරීමේදී භාවිතකල හැකි විවිධ තේරීම
රජයේ සුර්ය බල සංග්‍රාමය යටතේ අපේක්ෂිත ඉලක්ක ලගාකරගැනීම තහවුරු කරගැනීමේදී සැළකිල්ලට ගතහැකි වෙනත් අදහස් හා යෝජනා

යෝජනා ඉදිරිපත්කල හැකි ආකාර

ලිපිනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුන
අංක 28, ශාන්ත මයිකල් පාර
කොළඹ 3.

වෙබ් අඩවිය හරහා -www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා http://ift.tt/2k4ReUL
ඊමේල් ලිපිනය හරහා - consultation@pucsl.gov.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment