අග්‍රවිනිශ්චයකාරවරිය පැය 48න් ගෙදර යවපු අය අධිකරණයේ නිදහස ගැන කතා කිරිම විහිලුවක්

THALATHA_P

ලංකාවේ ප්‍රථම අග්‍රවිනිශ්චයකාරවරිය පැය 48න් ගෙදර යවපු අය අධිකරණයේ නිදහස ගැන කතා කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.අධිකරණ අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මහනුවර ගොස් රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සදහන් කළේ ඉතිහාසයේ සමහර අවස්ථාවල නඩු අහන්නේ නැතිව හිරේ විලංගුවේ දාපු යුගයක්ද තිබු බවයි.

"විජයදාස රාජපක්‍ෂ මහත්තයා දිගින් දිගටම කියාගෙන යනවා එතුමාට අධිකරණ ධුරයෙන් ඉවත් වෙන්න සිදුවුණේ එතුමා අධිකරණයට බලපෑම් නොකළ නිසා කියලා. ඒ ප්‍රකාශ සත්‍යයද කියලා ඔබ අහනවා. ඇත්තටම එක කාලෙක නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිද්ධ වුණා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙන්න කලින් නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේ. ඒක සදාචාරසම්පන්න නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන රටක විධායකය හා ව්‍යවස්ථාදායකය එකම පුද්ගලයෙක් මෙහෙයවීම. වර්තමාන ජනාධිපතිතුමා තමයි ඒක අධිකරණ අමාත්‍යාංශය යටතට පත්කළේ. නීතිපති දෙපාර්තමේන්තුව ඉතාම ස්වාධීන ආයතනයක්. එහි කටයුතුවලට මීට පෙර හිටිය ඇමැතිවරුන් ඇඟිලි ගැහුවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති යටතේ කලින් තිබුණු නිසා ඇඟිලි ගහන්න බැරිවෙන්න ඇති. නීතිපතිතුමාගෙන් කරුණු විමසන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ. ලංකාවේ ප්‍රථම අග්‍රවිනිශ්චයකාරවරිය පැය 48න් ගෙදර යවපු අය තමයි අද මේවා අහන්නේ. 2010 ජනාධිපතිවරණයේදී අභියෝගයක් වෙලා යුද්ධය මෙහෙයවපු සරත් ෆොන්සේකා මැතිතුමා එදා හිටිය පාලකයට අභියෝගයක් වුණාම කිසිම හේතුවක් නැතිව හිරේ දැම්මා. මේවා කරපු අය හිතාගෙන ඉන්නේ අපිත් ඒ විදියටමයි හැසිරෙන්නේ කියලා. මේක යහපාලනය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අධිකරණය ඒ කටයුතු කරන්න ඕනි. රාජ්‍ය සේවය ඔවුන්ගේ කටයුතු කරන්න ඕනි. පොලිසිය ඔවුන්ගේ කාර්ය කරන්න ඕනි. මාධ්‍යවේදීන් ඔවුන්ට අයිති කාර්යය කරන්න ඕනි."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment