සන්නස්ගලගේ "නිර්වාණ" හෙට.


සාහිත්‍ය මාසෙ ලංවෙනකොට හුගක් දෙනෙක් තමන්ගෙ ලියන පොත පත එලිදැක්වීම් කරන්න පටන් ගන්නවා. සාහිත්‍ය මාසෙ පොත් වෙළඳපොල තුළ තමන්ගේ කෘතිය මාර්කට් කරගන්න පුළුවන් වෙනුවෙන් විවිධ උත්සව පවත්වනවා.

සන්නස්ගල ගිය අවුරුද්දේ ලලනායනය සහ ඩිසෙම්බර් ලව් කියලා පොත් දෙකක් එළිදැක්වුවා වෙනම විදිහකට. සංගීත සන්ධ්‍යාවක් එක්ක.

මේ 2017. සන්නස්ගල 'නිර්වාණ' කියලා පොතක් ලියලා. 'නිර්වාණ' එළි දක්වන්නෙත් එයාට ඔනෙ විදිහට. ආරාධනා කරන්නේ Facebook වලින්.

'නිර්වාණ' එළිදැක්වීම වෙනුවෙන් සන්නස්ගල කරලා තිබුනෙ මෙන්න මේ වගේ ආරාධනාවක්.

මිතුරිය; මිතුර,

මගෙ සිනෙ නොවෙලාව, 'නිර්වාණ' පොත සැප්තැම්බර් 10 ඉරිදා හවස 6 ඉඳන් රෑ එළි වෙනකන් නුගේගොඩ විජේරාම හන්දියෙ රෝයල් තැප්‍රොබේනියන් එකේ දි එළි දක්වනවා. කාටවත් විශේෂ ආරාධනාවක් කළේ නෑ. මූණු පොත විතරක් ආරාධනා මාධ්‍යය විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා මූණු පොතේ ඉන්න අය අනික් අයටත් පණිවිඩේ කියන්න. 
ආරාධනාව විවෘතයි.

කෘතිය - නිර්වාණ
ප්‍රවර්ගය - ‘සිනෙ නොවෙල්ලා‘ (Cine Novella)
කර්තෘ - Sannasgala
ප්‍රකාශනය - සංහිඳ පොත්
මිල - රු. 500/=
පිටු - 240

(mirrorarts.lk)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment