මධ්‍යම අධිවේගී මාර්ගය කුළුණු මතින්...


මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ යටතේකුලුනු මත මාර්ගය ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර හානියක් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමකදී ඔහු මේබව කීය.

භූමිය ගොඩකිරීමෙන් ඇතිවන ජල ගැලීම් ආදී ව්‍යසන සම්බන්ධයෙන් මෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත ජලය සැපයීම් සම්බන්ධයෙන්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් බැවින්, අධිවේගී මාර්ගයේ සැලැස්ම අධ්‍යයනය කර කුලුනු මත ඉදිකිරීම් අවශ්‍ය වන ප්‍රදේශ පිළිබඳ නිර්දේශ ලබාදෙන්නැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇතැයිද කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය.

අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමට යම් බලපෑමක් වූ බව තමන් පිළිගන්නා බවත්,එබැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මධ්‍යම අධිවේගී මාර්ගය කුලුනු මතඉදිකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එලෙස කුලුනු මත පාලම් යෙදීමට සිදු වුවහොත් ඇස්තමේන්තුගත පිරිවැය ඉහළ යනු ඇතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මධ්‍යම අධිවේගයේ දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකරන අතර,  මෙම සම්පූර්ණ කොටස කුලුනු මත ඉදිකරන්නැයි ප්‍රදේශවාසීන් විසින් අවස්ථා කිහිපයකදීම ඉල්ලා තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment