දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන් - අනුර හෑගොඩ

දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන් - අනුර හෑගොඩ

ඒ එක්කම සිංහලෙන් ප්‍රවෘත්ති පටන් ගත්තා. සුද්දා මගේ දිහාට හැරිලා පල් හිනාවක් දැම්මා.දාලා මිනිහ දන්න ඉංග්රීසියෙන් ඇහුවා " සිංහලෙන් ප්‍රවෘත්ති කියන්න ඉංග්‍රිසි  පටන් ගන්නේ ඇයි" කියල. මම ඇහුනේ නෑ වගේ ටීවී එක වහල දාල මිනිහට කෑමට අඬ ගැහුවා.

කෑම කන ගමන් මිනිහ ඇහුවා අර "මී ලඟට ප්‍රවෘත්ති " ඉංග්‍රිසි  කියපු නිවේදකයා ගේ උගුරට මොකද වෙලා තියෙන්නේ කියලා. බොහෝ වෙලාවට ඒ සීකා වෛරසය හැදිලා වෙන්නත් පුළුවන් කියලා. නිවේදකයව ඉක්මණට දොස්තර කෙනෙකුට පෙන්නුවොත් හොඳයි කියලත් කිවුවා. මම ඇහුනේ නෑ වගේ හිටියා.

මිනිහ ගියාට පස්සේ මමත් කල්පනා කළා අපේ හැම ටීවී චැනල් එකකම සිංහල ප්‍රවෘත්ති වලට කළින්, ඉංග්‍රිසි සුද්දා ළඟවත් නැති නස්කූනි ඇක්සන්ට් එකකින් උගුර බර කරලා ඉංග්‍රිසි වචන කීපයක් කියන්නේ ඇයි කියලා. හරියට මල බද්ධය වෙලා වගේ. අර සුද්ද කිවුවා වගේ සීකා වෛරසයද දන්නේ නෑ. කොහොමත් උගුර බලව ගත්තොත් හොඳයි කියල කෝල් එකක් දාලා කියන්නත් හිතුවා.

ලංකාවේ ටීවී, ලෝකයේ අනෙක් රටවල ටීවී වලින් අමු කොප්පේ ගහනවා කියලා කවුරුත් දන්නවා. අර ස්ටාර්, මේ ස්ටාර්, මෙගා ස්ටාර්, අර ටෝක්, මේ ටෝක්, හාර්ඩ් ටෝක්. ලංකාවේ ප්රේක්ෂකයාට ලැබෙන්නේ ලෝකේ වෙන රටවල පට්ට ගහපුවා. ඉන්දියාවේ, කොරියාවේ තුන් වෙනි පෙළේ නළු නිළියෝ දාල හදපු ටෙලි නාට්ය වසංගතය ගැන පොතක් ලියතැකි.

" දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන්"/, " ඇන්ඩ් නව් ලයිව් ඇට් නයින් තර්ටි",/ "ඇන්ඩ් එරවුන්ඩ් ද වර්ල්ඩ්, දිස් ඉස් ෆස්ට් ඇට් නයින් " /" යූ ආර් වොචින් ද ප්රයිම් ටයිම් නිවුස් "කියන කට්ටිය ටීවී එකේ බැරිනම් පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකටවත් ගිහිල්ලා බලන්න බීබීසී, සීඑන්එන්, අල්ජසීරා හරි, චීන චැනල් එකක හරි "ඊළඟට ප්‍රවෘත්ති" කියලා කියන අයට සීකා වෛරසය හරි වෙන භාෂාවක් ගැඹුරු ඇක්සන්ට් එකක් දාලා කියවෙන අමුතු ලෙඩක් හරි තියෙනවද කියලා. ඒ කියන විදිහ කොපි කරගෙන කිවුවොත් නම් හිනා යන්නේ නැහැ.

එතකොට, " නෙක්ස්ට් නිවුස් ඇට් ටෙන්" කියලා විකාර ඉංග්‍රිසි  ඇක්සන්ට් එකෙන් කියන කියුම් අහලා "මේවා අහල පණ පළයන් පෙරේදා" කියල කියන්න වෙන්නේ නැහැ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment