...සඳ නුඹය...

...සඳ නුඹය...


මුළු අහසට ය නුඹ අහිමිව ගියේ
සඳ කෙළෙසන්න විත්- සැදි පැහැදියේ
රාහු ලා හිටියෙ - ආලඩි හන්දියේ...

ඉන් පසුය ඝනඳුර බෝ වුණේ
තෙත් හදින් හද ට ද යා වුණේ
කෙළෙසා මැරූ - මුදු සඳවතක් ගැන
මතක කඳුළු යි - පිණි වුණේ...
කඳුලින් උපන් මේ - පින්න රස්නෙයි නංගියේ...

සඳ මුහුණ ලූ මුල් කවරයෙන්
තලු මරාලු පුවත් පත්තරෙන්
දැන් ඉතිං - ගැළවෙන්න පුළුවන්
වෙයිද විද්‍යා නංගියේ...
කඳුළු තාමත් ගලනවා මුත් - නඩුව ඉවරයි නංගියේ...

- සුරේඛා සමරසේන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment