නිදහස් පක්ෂ සභාපතිකම ඉල්ලා මහින්ද ගොනු කළ පෙත්සම විසිවෙයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා තවමත් නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දරන
බවත් එය මෛත්‍රිපාල සිරිසේන බලෙන් ලබාගෙන ඇතැයි කියමින් එය නැවත දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය වෙත ගොනු කළ පෙත්සම විභාග නොකරම ඉවතට විසිකිරීමට විනිසුරු තීරණය කර තිබේ.


2015 ජනපතිවරණ පරාජයෙන් පසු තමන් කටවචනයට සභාපති කම අත්හැරිය මුත් එය අත්හලේ නැතැයි කියමින් පසුගිය කාලයේ හිටපු ජනපතිවරයා නැවත ප්‍රකාශ කරද්දී ඇතැම් දේශපාලනඥයින් ඔහු නන්දොඩවන බවට විවේචන පළ කර තිබුණි.
යළි නිදහස් පක්ෂ සභාපතිත්වයට පත් කරන ලෙස ඉල්ලා, ගොනුකළ පෙත්සම් නිෂ්ප්‍රභ වීම මත මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රිලනිප නායකත්වය තහවුරුවී ඇත.
පොහොට්ටුව ලකුණින් ඡන්දයට යාමට පෙර අත ලකුණින් එය කළ හැකිදැයි මහින්ද උරගා බැලූ අවසන් අවස්ථාව ලෙස මෙම පෙත්සම සලකා බලන ලදැයි පසුගිය කාලයේ දේශපාලන විචාරකයින් දන්වා තිබුණි.
ඒ අනුව ඉදිරි මැතිවරණ වලදී මහින්ද පොහොට්ටුව ලකුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය මෙහෙයවීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment