රොහින්ග්‍යා සරණාගතයන්ට එල්ල කළ ප්‍රහාරය රට කලු පැල්ලමක් - අජිත් පී. පෙරේරා

රොහින්ග්‍යා සරණාගතයන්ට එල්ල කළ ප්‍රහාරය රට කලු පැල්ලමක් - අජිත් පී. පෙරේරා

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම සරණාගත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම මුස්ලිම් ආක්‍රමණයක් ලෙස ඇතැම් ජාතිවාදී කණ්ඩායම් හා ජාතිවාදී දේශපාලනඥයන් විසින් හුවාදක්වමින් සිටින බවයි. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය විසින් මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති බවත් සියලු පහසුකම් සලසන්නේ එම ආයතනය බවත් අජිත් පී. පෙරේරා මහතා පවසයි.

යහපාලන රජය විසින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවට හිමිකර දී ඇති ප්‍රතිරූපය කෙලසීමට බලා සිටින පුද්ගලයන් ඒ සඳහා මෙම සිදුවීම භාවිතා කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

විදේශීය සරණාගතයන්ට මේ රටේ පුරවැසිභාවය ලබාගැනීමට කිසිදු ඉඩක් නොමැති බවත් රටේ නීතිය තුළින්ම එම ඉඩ අහුරා ඇති බවත් පෙන්වා දෙන නියොජ්‍ය ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජාතිවාදී කන්ඩායම් එල්ල කරන චෝදනා පිලිබඳ සැළකිල්ලක් නොදක්වන ලෙසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment