කළු ගඟට ලවන බාධකයක්, ගංවතුර පාලනයටත් පියවර

කළු ගඟට ලවන බාධකයක්, ගංවතුර පාලනයටත් පියවර

 

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කළු ගඟට ලවන ජලය එකතුවිම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මීට පෙර යෝජනා කර තිබුන ද එය අතරමඟ නතර වී තිබුනි. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාව සංවිධානය කර අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා ලදී.

කලුතර දිස්ත්‍රික්කය පුරා කෙත්හේන ජල සැපයුම් මධ්‍යස්ථානයෙන් ජලය ලබාගන්නා පාරිභෝගිකයින් සංඛ්‍යාව එක්ලක්ෂ 35,000 ක් පමණ වෙති. ලවන බාධකයක් නොමැතිවීම නිසා සෑම වසරකදීම මාස 06 ක කාලයක් ජල පරිභෝගිකයින් 60000 කට අධික පිරිසක් ජල හිඟයකට මුහුණ දෙන බව දැනට අනාවරණය වී ඇත. 2017 වසරේ දී පමණක් පළමු මාස 05 ක කාලය තුල ම ජනතාව ජල හිඟයකට මුහුණ දුන් අතර ජල සම්පාදන මණ්ඩලය බවුසර් මගින් ජලය බෙදා හැර ඇත. කළු ගඟට ලවන ජලය එකතුවීම වැළැක්වීම සදහා මෝය කටට කිලෝමීටර් 4.5 ඉහළට වන්නට ලවන බාධකයක් ඉදිකෙරෙන අතර, ඒ සදහා රුපියල් බිලියන 03 ක පමණ මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ලවන බාධකය ඉදිකිරිමට නියමිතය. එය ඉදිකිරීමේ කටයුතු වසර 03 කින් අවසන් කරන ලෙසත්, කඩිනමින් සැළසුම් සකස් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව සැම වසරකම ගංවතුරෙන් පීඩාවට පත්වන බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ගංවතුර පාලන වැඩපිළිවෙලක් දියත් කිරිමට ද පියවර ගන්නා ලෙස කලුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී ජයලාල් මහතාට උපදෙස් ලබාදෙන ලදි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගංවතුර සමයේ ගලා එන ජලය නතර කිරීම සදහා අතරමැදි වේලි ඉදි කළ යුතු බවත් ඒ සදහා අධ්‍යයනයක් සිදු කර සැළසුම් සකස් කර ඇති බවත්, නිලධාරීන් සදහන් කළහ. ඒ සදහා අවශ්‍ය මුදල් රජය සමග සාකච්ඡා කර ලබාගන්නා බව ප්‍රකාශ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව අවධාරණය කර සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment