කරන්නාගොඩට ජනපතිගෙන් ෆ්ලීට් අද්මිරාල් තනතුරක්.

කරන්නාගොඩට ජනපතිගෙන් ෆ්ලීට් අද්මිරාල් තනතුරක්.

 

ජනාධිපතිවරයා විසින් වසන්ත කරන්නාගොඩට මෙසේ ෆ්ලීට් අද්මිරාල් තනතුර ලබා දෙන්නට සූදානම් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට සූදානම් වන වකවානුවක වීම එක් අතකින් හාස්‍යජනයකය, අනෙත් අතින් ඛේදජනකය. 

2008 වසරේදී කප්පම් ගැනීම සඳහා දෙමළ ජාතික තරුණයින් 11 දෙනෙක් නාවික හමුදා පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳව කෙරෙන විමර්ශන වල දී දැනට හෙළිදරව් වී තිබෙන කරුණු අනුව වසන්ත කරන්නාගොඩට ගැලවීමක් නොවන ලකුණු පහළ වී තිබේ. ඔහුගේ ගැලවීමට ඔහු කියන්නේ ඔහුගේම පෞද්ගලික ආරක්ෂකයා වූ සම්පත් මුණසිංහ ගැන පැමිණිල්ල කළේ තමන් බවය. එහෙත් එම පැමිණිල්ල ද හුදෙක් පෞද්ගලික ආරෝවක් නිසා කළ එකක් බවත් සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා පිරිස විසින් අදාල තරුණයින් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන අතුරුදන් කරවීම පිළිබඳ තොරතුරු වසන්ත කරන්නාගොඩ හොඳාකාරවම දැන සිට ඇති බවටත් දැනට ම සාක්ෂි ඉදිරිපත් ව තිබේ. 

එසේම වසන්ත කරන්නාගොඩට අයත් නාවල ගුණසේකර ගාඩ්න්ස් හි පිහිටි ලක්ෂ 1600ක් වටිනා නිවසක් සහ නාවල සේනානායක ඇවනියු හි පිහිටි ලක්ෂ 1900ක් වටිනා නිවසක් පිළිබඳව ද ලංකා නිව්ස් වෙබ් අපි මීට ඉහත පුවතකින් හෙළිදරව් කළෙමු.  එම දේපල මිල දී ගැනීමට මුදල් උපයාගත් ආකාරය ගැන ද කරන්නාගොඩ පැහැදිලි කළ යුතුව ඇත. 

එහෙයින් හාස්‍යය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙන්නේ නම් කරන්නාගොඩට ෆ්ලීට් අද්මිරාල් පට්ටමත් රැගෙන යන්නට වන්නේ රක්ෂිත බන්ධනාගාරයට වීමය. ඛේදය වන්නේ ඔහුට ෆ්ලීට් අද්මිරාල් පට්ටම පිරිනමන ජනාධිපතිවරයා නීතිය ද නවමින් අපරාධකාර කරන්නාගොඩව ආරක්ෂා කිරීමය. ජනාධිපතිවරයා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර කතාවේදී පැවසුවේ රණවිරුවන්ට එල්ල වන චෝදනා මුහුදෙන් එතෙර එකක් බවය. එහෙත් මෙතැන නම් සිදුව ඇත්තේ මුහුදේ සිටිය යුතු නාවික හමුදා නිලධාරින් ගොඩට පැමිණ පුද්ගලයින් පැහැරගෙන යාම, නීති විරෝධීව රඳවා තබා ගැනීම, වධ හිංසාවට භාජනය කිරීම, මිනීමැරීම ඇතුළු වැරදි ගණනාවක් කිරීම නිසා මෙය නම් මුහුදෙන් මෙපිට එකක් බව සිහිපත් කළ යුතුව ඇත.

සබැඳි පුවත් - 

කරන්නාගොඩට ගෙවල්, දසනායකට කාර්. පැහැරගත් මිනිසුන් විතරක් ම නේවි .....

හිටපු නාවික හමුදාපතිට සහ වත්මන් නාවික හමුදාපතිටත් අතුරුදන් කරවීමේ චෝදනා එල්ල වන ලකුණු

දකුණේ පැහැරගැනීම්වලට හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ?

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment