තලතාට පළමු අභියෝගය හඳුන්නෙත්තිගෙන්.


විදේශ සේවා අමාත්‍යාංශයෙන් ඩිලාන් පෙරේරා වංචා කළ රුපියල් කෝටි 248ක මූල්‍ය වංචාව හැකිනම් සොයන ලෙස තමන් නව අධිකරණ ඇමතිවරියට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණෙහි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (03දා) මාතරදී පැවැති උත්සවයක් අමතමිනි.

" අද නව අධිකරණ ඇමති කෙනෙක් පත්වෙලා තියෙනවා. එතුමිය කියනවා, 'මම දැන් කල්පනා කරන්නෙ අලුත් විදියකට හොරු අල්ලන්න' කියලා. අපි කියනවා වැඩිදුර යන්න ඕන නැහැ, ඔබතුමියගේ විදේශ සේවා කාර්යාංශයේ හිටපු ඇමති ඩිලාන් පෙරේරා වංචා කරපු කෝටි 248ක් තියෙනවා.

අපි ඒවා පෙන්වාදීලා ඔප්පු කරලා තියෙනවා. ඔබතුමියගේ පළමු කාර්යය විදියට තමන්ගේ අමාත්‍යාංශයේම වංචා දූෂණ හොයන්න. අපි නව අධිකරණ ඇමතිවරියට අභියෝග කරනවා පුළුවන් නම්, ඩිලාන් පෙරේරා වංචා කළ කෝටි 248ක මුදල හොයන්න කියලා"යැයි පවසා සිටියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment