අධික වැසි නිසා මාදුගඟ පිටාර ගලයි

ගොංගල ප්‍රදේශයට ඇතිවී තිබෙන අධික වර්ෂා තත්ත්වය නිසා මාදුගඟේ ස්ථාන කිහිපයකින් ජලය පිටාර ගැලීම සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන්

පවුල් කිහිපයක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මීට අමතරව පවතින වර්ෂා තත්ත්වය දිගටම පැවතිය හොත් නුවරඑළිය හා ගාල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාවට නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත්, නායයෑමේ ලක්ෂණ ඇතිවූ වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත් හෙතෙම පවසා සිටියේය. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment