පාස්කරලිංගම්ට බන්දුලගෙන් චෝදනාවක් - ප්‍රකාශයක් ගන්න පොලීසිය ගෙදර.
වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාගේ අත්සනින් යුතු වවුචර්පත් 16ක් මගින් 1989-90 කාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (12දා) පැවසීය.
එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාස්කරලිංගම් මහතා විසින් හදිසි රහස්‍ය වියදම් ගෙවීම් ලෙස සඳහන් කරමින් දින 16කදී මහාභාණ්ඩාගාරයෙන් රුපියල් දසලක්ෂ 125ක මුදලක් ලබාදී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
1989.08.09, 1989.09.15, 1989.09.27, 1989.11.01, 1989.11.30, 1989.12.13, 1990.01.08, 1990.01.30, 1990.02.20, 1990.03.02, 1990.03.21, 1990.04.19, 1990.04.20, 1990.06.06 හා 1990.06.08 යන දින සටහන් වවුචර්පත් මගින් රුපියල් මිලියන 05 බැගින්ද, 1990.11.05 දිනය සඳහන් වවුචර්පත මගින් රුපියල් මිලියන 50ක්ද ලබාදී ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්‍රාම බෞද්ධ මධ්‍යස්ථානයෙ පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළ බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ගනුදෙනු සම්බන්ධයෙන් තමන් සතුව ඇති සියලු ලිපිලේඛන ඉදිරියේදී පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මේ දක්වා කිසිවෙකු විසින් එම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බවද ඔහු පැවසීය.
ප්‍රකාශයක් ගන්න පොලීසිය බන්දුලගේ ගෙදර යයි
බොරැල්ලේ පිහිටි පොලිස් වංචා විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් ඇත.
ලොතරැයි පත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
0 comments :
Post a Comment