හොරු බේරන්න එන්න එපා! -මෛත්‍රීගෙන් නියෝගයක්

හොරු බේරන්න එන්න එපා! -මෛත්‍රීගෙන් නියෝගයක්

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් මෙසේ ජනාධිපතිවරයා මුණගැසී අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත. එහි දී ජනාධිපතිවරයා ඍජුව පවසා ඇත්තේ දූෂිතයන් සහ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ විමර්ශන යන්ත්‍රණය විධිමත්ව ඉදිරියට යනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු මැදිහත් නොවිය යුතු බවත් ය. එසේ ම මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අදාළ නඩු සම්බන්ධයෙන් පමණක් තමන් සමඟ කිසිවක් කතා නොකරන ලෙස ය. අනෙක් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් එකඟ බව ද මෙහි දී ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමැතිවරුන්ට පවසා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

කාශ්‍යප කොතලාවල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment