අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමින් ජපන් රැකියා දෙන හොරා කවුද?


ජපානයේ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක නොකරන බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව හා එම වැඩසටහන් හරහා ජපානයේ රැකියා සඳහා  යවන බව පවසමින් විවිධ පුද්ගලයින් සහ ආයතන මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එවැනි කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන අතර කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එවැනි බලයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා ඒ ආකාරයෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Info Sri Lanka News වෙතින් බලාපොරොත්තුවන්න....

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment